ප්‍රසම්පාදන මණ්ඩලය සාමාජියන් තුන්දෙනෙකුගෙන් සමන්විතය.

  1. සභාපති
  2. සාමාජික i
  3. සාමාජික ii

තාක්ෂණික ඇගයීම් කමිටුව සාමාජියන් තුන්දෙනෙකුගෙන් සමන්විතය.

සංවර්ධන ව්‍යාපෘති (ඉදිකිරීම්) සඳහා

  1. සභාපති
  2. සාමාජික i
  3. සාමාජික ii

අනෙකුත් ප්‍රසම්පාදන කාර්යයන් සඳහා අවස්ථානුකූලව ආයතන ප්‍රධානියා විසින් තාක්ෂණ ඇගයීම් කමිටු පත්කරනු ලබයි.

ප්‍රසම්පාදන සැලැස්ම ;

දැක්ම : කාර්යක්ෂමතාවයෙන් යුත් විධිමත් ප්‍රදම්පාදන ක්‍රියාවලියක් තුළින් කොට්ඨාසයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම.

මෙහෙවර : උපරිම ආර්ථික වාසි සැලසෙන ආකාරයට විනිවිදභාවයෙන් යුතු රාජ්‍ය මූල්‍ය රෙගුලාසිවලට අනුකූල ප්‍රසම්පාදන කටයුතු තුළින් කොට්ඨාසයේ ජනතාවට උපරිම වාසි අත්කර දීම.

අරමුණු  ;

  • කඩිනමින් වැඩ ඉටුකිරීම හා භාණ්ඩ සේවා සැපයීම
  • ප්‍රසම්පාදන කටයුතුවල විනිවිදභාවය හා නිර්වද්‍යතාවය සහතික වීම
  • නියමිත ප්‍රමිතීන්ට, පිරිවිතර වලට, රීති වලට හා රෙගුලාසි වලට අනුව කටයුතු කිරීම
  • සම්පත් නාස්තිය අවම කිරීම

කාර්යයන් ;

ප්‍රසම්පාදන කමිටු පිහිටු වීම

  • ප්‍රසම්පාදනය සම්බන්ධ නිලධාරියෙක් පත් කිරීම හා රාජකාරි පැවරීම
  • ප්‍රසම්පාදන මණ්ඩලය සඳහා සාමාජියන් නිර්දේශ කර දිස්ත්‍රික් ලේකම් වෙත යොමු කිරීම
  • දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම

අදාල කාල පරිච්ජේදය සඳහා අවශ්‍ය භාණ්ඩ, සේවා හා ඉටු කළ යුතු ව්‍යාපෘති අවස්ථා හඳුනා ගැනීම හා ඒ සඳහා අනුමැතිය ලබා ගැනීම

ප්‍රසම්පාදන අවශ්‍යතා සඳහා ප්‍රතිපාදන ඉල්ලුම් කිරීම

සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම

ප්‍රසම්පාදන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම

  • ප්‍රසම්පාදන ලියවිලි සකස් කිරීම
  • මිල ගණන් කැඳවීම
  • මිල ගණන් ඇගයීම
  • ප්‍රසම්පාදන තීරණ ගැනීම
  • භාණ්ඩ ඇනවුම් කිරීම හා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
  • මිලදී ගත් උපකරණ බෙදා දීම හා පසු විපරම
  • කොන්ත්‍රාත් අධීක්ෂණය හා පසු විපරම
  • ගෙවීම් කිරීම (සැපයුම්කරුවන්ට හා කොන්ත්‍රාත්කරුවන්ට)

ප්‍රසම්පාදන අවශ්‍යතා ;

  • කාර්යාලීය උපකරණ
  • ව්‍යාපෘති උපකරණ
  • ඉදිකිරීම් කොන්ත්‍රාත්

ප්‍රසම්පාදන ක්‍රමය ;

  • වෙළෙඳපොල මිල සැසඳුම් ක්‍රමය
  • සීමිත තරඟකාරී ක්‍රමය
  • නැවත ඇනවුම් ක්‍රමය
Scroll To Top