දැක්ම,
“පොදුජන සේවයට කැපවෙමින් රාජ්‍ය ආයතන අතර විශිෂ්ඨත්වයට ...............”
මෙහෙවර,
“ප්‍රදේශයේ භෞතික හා සමාජ සංවර්ධනය තිරසාර කරනු වස් අවැසි ක්‍රමෝපාය වර්ධනයට කැපවූ මානව සම්පතක් තුළින් පාරිභෝගික සංතෘප්තිය සහතික කිරීම.”
කොට්ඨාශ යේ ඉතිහාසය
ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් වන මහියංගණය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය පෞරාණික වටිනාකමකින් යුත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක් ලෙස මූලික වශයෙන් හඳුනාගත හැක.
ශ්‍රි ලංකාවේ සෙසු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා සසඳන කළ ආගමික, සංස්කෘතික, පුරාවිද්‍යාත්මක, ස්වභාවික පමණක් නොව ආර්ථිකමය වටිනාකම අතින්ද මහියංගණය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි.එමෙන්ම ඌව පළාතට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතුරින් විශාලතම භූමි ප්‍රමාණයට හිමිකම් කියන කොට්ඨාසය මෙය වේ.
ස්වභාවයෙන්ම තැන්නක් ලෙස පිහිටි බිම් කඩක් සහිත බින්තැන්න මහි අංගනාවක් (මිහිකත) වු අතර මෙම පිහිටීම නිසාම මහියංගණය යන නාමයද ව්‍යයහාර කර ඇත. අතීතයේදී ඇතැම් අවස්ථාවල දි මහියංගණය නගරය අළුත්නුවර නමුන්ද මදුන්වා ඇති අතර වර්ථමානයේදි මියුගුණ නමින්ද හදුන්වනු ලැබේ. ප්‍රසිද්ධීයට පත් මහනුවර සිට වංගු 18 ක අසීරු මාර්ගය අවසන්ව පිහිටි මහියංගණ ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශය මෙරට ප්‍රචලිත කොට්ඨාශයකි.
ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, මහියංගණ මැතිවරණ කොට්ඨාසයේම මහියංගණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා ඇත. බටහිර දෙසින් මහවැලි නදී තෙර ගලා බසින අතර එයින් එපිට මහනුවර දිස්ත්‍රික්කයේ මායිම වන මිණීපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයද පිහිටා ඇත. නැගෙනහිර හා උතුරු දෙසට අම්පාර දිස්ත්‍රික්කයේ මායිම වන පදියතලාවත්, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත්, ගිණිකොණ දෙසට රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයද පිහිටා ඇත.
ඓතිහාසික තොරතුරු
ක්‍රි.පු. හයවැනි සියවස තෙක් සනාථ කළහැකි ඉතිහාසයක් මහියංගනයට ඇත. යක්ෂ ගෝත්‍රිකයන්ගේ වාසභුමිය වු මාදුරුඔය සිට මහවැලි නදියේ දකුණු ඉවුර දක්වා විහිදිගිය මහානාග වනෝද්‍යානය දිගින් යොදුන් තුනක්ද පලලින් යොදුනක්ද වු බව කියවේ. බුදු රජානන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වන මස දුරුතු පොහෝ දින සුමන සමන් දෙවිදුන්ගේ ආරාධනයෙන් සිදුකළ ප්‍රථම ලංකාගමනයේදී මහියංගනයට වැඩම කළ බව සදහන් වන අතර යක්ෂ හා නාග ගෝත්‍රිකයන් අතර ඇතිවුනු ආරාවුලක් සමථයකට පත්කිරීම එම ගමනේ අරමුණ බවත් කියවේ. එහිදි ගුවනේ සිට පෙළහර පා යක්ෂයන් දමනය කරන්නට උන්වහන්සේට හැකිවූ සදහන්ය.
මහියංගන ඉතිහාසය බුදුරජානන් වහන්සේගේ ලංකා ගමනයේ සිට විවිධ රජවරුන් හා බැදී පවත්. උද්ධ චුලාභය, පළමුවන විජයබාහු හතර වන උදය, දුටුගැමුණු, වලගම්බා, මහා පරාක්‍රමබාහු, කිත්සිරිමෙවන්, දෙවන රාජසිංහ රජවරුන් ඒ අතර වේ. ඊට අමතරව සුගලා දේවිය, භල්ලුක සෙනෙවි වැනි චරිත හා සබැදුනු ඓතිහාසික පුවත් පිලිබදවද කියවේ.
එසේම රාවණා යුගය පිලිබදවද ජනප්‍රවාද රැසක් පවති. වලිගය ගිනිගත් හනුමන්තා රට ගිනි තබමින් කලහ කරන විට මහියංගනයේදි වැවකට පැන ගිනි නිවා ගත නොහැකි වු හනුමන්තා එම වැවේදි මිනිසුන් බිලිගත යුතු බවට කල ශාපය නිසා එම වැව බෙලගන්වැව වු බවද කියවේ .ඉන්පසු ඔහු අල්ලා මහවැලි ගගට දැමු බවද ඒ අනුව ගිනි දුරු කරගත් ස්ථානය ගිරාදුරුකෝට්ටේ නම් වු බවද කියවේ. තවත් ජන ප්‍රවාදයකට අනුව හනුමන්තා ගිනි නිවාගත් හෙවත් ගිනිවැරු ස්ථානය ගින්නෝරුවයි. හනුමන්තා විසිනු පතුරුවන ලද ගින්නෙන් දැවි ගිය විහාරයක අළු හමුවු ස්ථානට අළුයටවෙල වු බව තවත් පුවතකි.
කන්ද උඩරට හා මහියංගනය අතර ගමනාගමන සම්බන්ධතාවයට වසර 2550 කට වැඩි ඉතිහාසයක් ඇති බව පෙනේ. සිංහල රජ දවස රාජසිංහ රජතුමාද වේරගංතොටින් මහවැලි ගග තරණය කොට මහියංගන සැරදු වන්දනා කළ බව ඉතිහාසය සදහන් කරයි. වර්තමානයේ භාවිත කරන 18 වංගුව මාර්ගය යටත් විජිත යුගයේ ජේම්ස් සදර්ලන්ඩ් නැමැති ආන්ඩුකාර වරයා මහනුවර පාලනය කරන සමයේ ඉදිකරන ලද්දකි.
- මහියංගනය පුදබිම.
බුදු රජානන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනයේදී ධර්ම ශ්‍රවණය කල සුමන සමන් දෙවිදුන් සෝවාන් වු බවද ඔහුගේ ඉල්ලීම පරිදි පිරිනැමු කේශ ධාතුන් වහන්සේලා රන් කරඩුවක තැන්පත් කර ඒ වටා සත් රියනක් උස සෑයක් කරවු බවද සදහන් වේ. ඉන්පසුව සරභු තෙරුන් වහන්සේ විසින් බුදුරජානන් වහන්සේගේ ග්‍රිවා ධාතුව තැන්පත් කළ එය දොලොස් රියන් සෑයක් බවට පත් කළ බවද උද්ධ චූලාභය රජු එය 30 රියන් ලෙසින්ද, දුටුගැමුණු රජු 80 රියන් සෑයක් කල බවටද කියවේ. කාලයත් සමග ගරාවැටී තිබු මෙම චෛත්‍ය 40 දශකයේදී ප්‍රතිසංස්කරණය කරන ලදුව වත්මන් තත්වයෙන් පවතී.
- සොරබොරවැව.
දුටුගැමුණු කුමරු තම ප්‍රථම සටනට මුහුණදුන්නේ එළාර රජුගේ මහියංගනයේ ප්‍රාන්ත පාලක ඡත්‍ර සෙන්පතියා සමග බව කියවේ. ඉන්පසු විහාරමහා දේවිය හා දුටුගැමුණු කුමරු තාවකාලික රජමාළිගයක නවාතැන්ගත් බවත් එම මාළිගයට බුලත් සැපයුවේ බුලතා නම් තැනැත්තා බවත් ඔහු මාළිගයට යන එන අතරතුර හද්දත්තාව ඔය හරස් කර වැවක් ඉදිකර කුඹුරු යායක් වගා කල බවත් සදහන්ය. රජුට හොරෙන් තැනවු වැව නිසා මෙම වැවට දුටුගැමුණු රජු විසින් සොරබොර නාමය ලබාදුන් බවත් ජනප්‍රවාදයේ කියවේ.
- සොරබොර ටැම් ලිපිය.
4 වන උදය රජුගේ කාලයේ මහියංගන ජාත්‍යන්තර වෙළද මධ්‍යස්ථානයක්ව පැවති බව සනාථ කෙරෙන සාධකයකි.එහි පාලනයට අදාළ නිතිරීති මෙම ටැම් ලිපියේ සදහන් කර ඇත.
- මාවරගල ආරණ්‍ය සේනාසනය.
වළගම්බා රජු සැගව සිටි ලෙනක් බවත් පසුව විහාරයක් බවට පත්කර පුජා කරන ලද බවත් මලියදේව මහ රහතන් වහන්සේ වැඩවාසය කළ ස්ථානයක් බවටත් පුරාවෘත්ත අනුව කියවේ.
- හැංගුම රජමහාවිහාරය.
එළාර රජුගේ සෙන්පති භල්ලුක හා දුටුගැමුණු රජුගේ සේනාව අතර පැවති යුද්ධයේදි හි පහරකට ලක්වු භල්ලුක දිවගොස් සැගවුනු ස්ථානය හැංගුම වු බව කියවේ. දුටුගැමුණු රජු එම ස්ථානයේ කරවු විහාරය හැංගුම රජමහා විහාරය බව කියවේ.
- බල්ලාවිද්දවැව. (ගල්පෝරුයාය වසම)
එළාර රජුගේ සෙන්පති භල්ලුක සෙනෙවියාට හි පහර විදිනු ලැබු ස්ථානයේ කරවු වැව මෙනම් ලද බව ජනප්‍රවාදයේ එයි.
- දඹගොල්ල.
දුටුගැමුණු රජු රුහුණේ සිට අනුරාදපුරයට යන අතර සේනා සංවිධානය කරන්නට බලකොටු බැදි ස්ථානයක් බවට සාධක පවති.
- හෙබරව.
අනුරාධපුර සිට වැඩමවන බෝධි අංකුර වැඩමවිමේදි රාත්‍රි කාලයේ නවාගැන්ගත් හෙබරා නම් වැදි නායකයාගේ නිවස අසල තැන්පත් කරන ලද ස්ථානයේම එක් බෝධි අංකුරයක් පොලවට කිදාබැස මුල් ඇද තිබු බවත් ඒ ස්ථානයේ බෝධිරුක්ඛාරාම විහාරය ඉදිවු බවත් කියවේ.
හෙබරව වෙහෙරගල ද ඉපැරණි පුණ්‍ය භුමියක නටබුන් පවති. වෙහෙර බැදි ගල වෙහෙරගල වු බවට විශ්වාස කෙරේ. හෙබරව ප්‍රදේශයේ නිපදවන ගඩොල් රුවන්වැලි සෑය වැනි ඉදිකිරීම් සදහාද යැවු බව ජනප්‍රවාදයේ පවති.
- පගරගම්මන.
දෙවන රාජසිංහ රජු පසු පස පැමිණි පෘතුගිසි සෙන්පතියන්ට රජු සැගවි සිටි ස්ථානය සොයාගත නොහැකි වු කල ඒ සම්බන්ධ තොරතුරු නොදුන් මුස්ලිමි කාන්තාවක් මරා දැමු බවත් ඒ වෙනුවෙන් රජු විසින් මෙම ගම්මානය මුස්ලිම් ජාතිකයන්ට ලබාදුන් බවත් කියවේ.
- අළුයටවෙල.
ඉපැරණි පුදබිමක නටබුන් පවති. දුටුගැමුනු හා වලගම්බා යුග වලට අයත් බව විශ්වාස කෙරේ.
- වෙහෙරාගල. (ගල්පෝරුයාය වසම)
කිත්සිරිමෙවන් රජු බලකොටු බැදි ස්ථානයක් බවට විශ්වාස කරන අතර පුද බිමක නටබුන් සහිතය.
- අඹරැන්ගල. (දිවුලපැලැස්ස වසම)
දුටුගැමුණු රජු බලකොටු බැදි ස්ථාන සියල්ලක් පසු කාලයේ විහාරස්ථාන බවට පත්කල බවට විශ්වාස කරන අතර දැගැබක, ආරාමයක, මාළිගාවක නටබුන් හා පොකුණු ද මෙම ස්ථානයේ පවති.
- ගල්පෝරුයාය.
මානාභරණ කුමරුගේ මව වන සුගලා දේවිය පළමුවන පරාක්‍රමබාහු රජුට එරෙහිව කදවුරු බැදි ගල්පුවරු යායක පිහිටි ස්ථානය බව ජනප්‍රවාදයේ එයි. සුගලා දේවියගේ දේහය හා ඇය සතු වස්තුව මෙම ප්‍රෙද්ශයේ තැන්පත් කල බවද කියවේ.
වලගම්බා රජු සැගවි සිටි ස්ථාන සියල්ල ලෙන් විහාර බවට පත්කළ බවත් පුරාණ ගල්ලෙන් රජමහා විහාරය ද ඒ අතර වන බවත් විශ්වාස කෙරේ. කටාරම් කෙටු ගල්ලෙන්, පුරාණ ගල්කණු මෙයට ශාක්ෂි සපයයි. මෙම ප්‍රදේශයේ සකස් කල ගල්පුවරු අනුරාධපුර රාජධානිය වෙත යැවු බවද කියවේ.
- ගින්නෝරුව.
දුටුගැමුණු රජු සමයේ යුද්ධයට අවශ්‍ය ආයුධ තැනු ස්ථානයක් බවත් යකඩ ගිනියම් කිරිමට යොදාගත් ඔරුව හෙවත් ගිනිඔරුව නිසා ගින්නෝරුව නම් වු බවත් කියවේ. කටාරම් කෙටු ලෙන්, ආරමයක නටඹුන් හා පුරාණ සෙල්ලිපයක් ශාක්ෂි සපයයි.
- ගිරාදුරුකෝට්ටේ.
රාවණා රජ දවස දක්වා ඉතිහාසයකට හිමිකම් කියන අතර මාගම හා අනුරාධපුර රාජධානින් අතර විහිදුනු ප්‍රධාන මාර්ගයේ පිහිටි ප්‍රධාන නගරයකි. සුගලා දේවිය භාරයේ පැවති දන්ත ධාතුන් වහන්සේ සහ පාත්‍රා ධාතුව ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ තෙවසරක් පමණ වැඩ වාසය කළ බව සදහන් වේ. පුරාවිද්‍යා සංරක්ෂන ස්තානයක් වන මෙහි දාගැබක්, ප්‍රාකාර බැම්මක්, ගල් උළුවස්සක්, කොරවක් ගල් සහිත පඩිපෙල, ගල්කණු, යන්ත්‍රගල ඇතුලු පුරාවිද්‍යාත්මක නටඹුන් රැසක් මෙම ස්ථානයේ පවති.
මහියංගණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙතෙක් සේවය කළ
ප්‍රාදේශීය ආදායම් නිලධාරීන් / උප දිසාපතිවරුන් / ප්‍රාදේශීය ලේකම්වරුන්
|
අනු අංක
|
නම |
තනතුර |
සේවය කළ කාලය |
|
1. |
එච්.කිව්.එම්.ජයවර්ධන මයා |
ප්‍රාදේශිය ආදායම් නිලධාරි |
1943-1945 |
|
2. |
ආර්.බි.අලවත්තේගම මයා |
ප්‍රාදේශිය ආදායම් නිලධාරි |
1945-1947 |
|
3. |
ආර්.බි.රත්නායක මයා |
ප්‍රාදේශිය ආදායම් නිලධාරි |
1947-1951 |
|
4. |
ඩබ්.බි.කුමාරගම මයා |
ප්‍රාදේශිය ආදායම් නිලධාරි |
1951-1952 |
|
5. |
ආර්.බි.රත්නායක මයා |
ප්‍රාදේශිය ආදායම් නිලධාරි |
1952-1953 |
|
6. |
පි.බි.කුමාරසිංහ මයා |
ප්‍රාදේශිය ආදායම් නිලධාරි |
1953-1958 |
|
7. |
ටි.එම්.විජේරත්නබංඩා මයා |
ප්‍රාදේශිය ආදායම් නිලධාරි |
1958-1960 |
|
8. |
කේ.පි.ඒකනායක මයා |
ප්‍රාදේශිය ආදායම් නිලධාරි |
1960-1968 |
|
9. |
පි.බි.පිහිල්ලේගෙදර මයා |
ප්‍රාදේශිය ආදායම් නිලධාරි |
1968-1971 |
|
10. |
එම්.බි.සි.ද සිල්වා මයා |
ප්‍රාදේශිය ආදායම් නිලධාරි |
1971-1975 |
|
11. |
එඩ්වඩ් වීරසිංහ මයා |
ප්‍රාදේශිය ආදායම් නිලධාරි |
1975-1978 |
|
12. |
ආර්.එම්.එම්.අමරතුංග මයා |
ප්‍රාදේශිය ආදායම් නිලධාරි |
1978-1980 |
|
13. |
කේ.චන්දසේන මයා |
ප්‍රාදේශිය ආදායම් නිලධාරි |
1980-1982 |
|
14. |
ටි.රණසිංහ මයා |
ප්‍රාදේශිය ආදායම් නිලධාරි |
1982-1986 |
|
15. |
කේ.පි.පෙරේරා මයා |
උප දිසාපති |
1986-1991 |
|
16. |
ආර්.ඩබ්.ගුණරත්න මයා |
උප දිසාපති |
1991-1992 |
|
17. |
පි.එම්.පි.ජේ.ගුණතිලක මයා |
ප්‍රාදේශිය ලේකම් |
1992-1995 |
|
18. |
රෝහණ කේ. දිසානායක මයා |
ප්‍රාදේශිය ලේකම් |
1995-1996 |
|
19. |
කේ.ඩි.සිරිසේන මයා |
ප්‍රාදේශිය ලේකම් |
1996-1997 |
|
20. |
සුමිත් සුරවීර මයා |
ප්‍රාදේශිය ලේකම් |
1997-1999 |
|
21. |
කේ.එස්.පද්මා කුලසුරිය මිය |
ප්‍රාදේශිය ලේකම් |
1999-2000 |
|
22. |
ඩබ්.පි.ජේ.නාපාවල මයා |
ප්‍රාදේශිය ලේකම් |
2000-2000 |
|
23. |
එච්.එල්.එස්.විජේසිංහ මයා |
ප්‍රාදේශිය ලේකම් |
2000-2002 |
|
24. |
ආර්.එම්.පි.බි.රාජපක්ෂ මයා |
ප්‍රාදේශිය ලේකම් |
2002-2006 |
|
25. |
එච්.එම්.ඒ.හෙන්නායක මයා |
ප්‍රාදේශිය ලේකම් |
2006-2008 |
|
26. |
ජේ.සි.රනේපුර මයා |
ප්‍රාදේශිය ලේකම් |
2008-2008 |
|
27. |
ගාමිනී මහින්දපාල ජෝපියස් මයා |
ප්‍රාදේශිය ලේකම් |
2008-2009 |
|
28. |
කේ.බි.ඒ.එම්.එස්.අබේකෝන් මයා |
ප්‍රාදේශිය ලේකම් |
2009-2015 |
|
29. |
ප්‍රභාත් අබේවර්ධන මයා |
ප්‍රාදේශිය ලේකම් |
2015-2017 |
|
30. |
ඩ්.එම්.එන්.දිසානායක මයා |
ප්‍රා දේශීය ලේකම් | 2017-2019 |
| 31. | ඩබ්.එම්.සංජය ප්‍රසාද් වීරසිංහ මයා | ප්‍රා දේශීය ලේකම් | වත්මන් |

















