වී අස්වනු මිලදී ගැනීමේ කඩිනම් වැඩපිළිවෙල
වී අස්වනු මිලදී ගැනීමේ කඩිනම් වැඩපිළිවෙල

🌾 2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළ

2026 යල කන්නය සඳහා රජයේ සහතික මිල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින්, සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති හරහා ප්‍රමිතියෙන් යුතු වී තොග මිලදී ගැනීමට රජය තීරණය කර ඇත (චක්‍රලේඛ අංක MOF/DFD/2026/01).

1. රජයේ සහතික මිල සහ ප්‍රමිතීන්

උපරිම තෙතමනය: 14% | උපරිම බොල් වී: 9%
වී වර්ගය රජයේ සහතික මිල (1 kg)
නාඩු - සුදු රු. 120.00
නාඩු - රතු රු. 120.00
සම්බා රු. 130.00

2. ගොවියෙකුගෙන් මිලදී ගත හැකි උපරිම වී ප්‍රමාණය

වගා කරන බිම් ප්‍රමාණය මිලදී ගත හැකි උපරිම වී ප්‍රමාණය
අක්කර 1 දක්වා කිලෝග්‍රෑම් 1,000
අක්කර 1ට වැඩි – අක්කර 3 දක්වා කිලෝග්‍රෑම් 2,500
අක්කර 3ට වැඩි – අක්කර 5 දක්වා කිලෝග්‍රෑම් 4,000

3. වී මෝල් හිමියන් සහ සමුපකාර සඳහා මූල්‍ය පහසුකම්

  • සුදුසුකම්: වී මෙට්‍රික් ටොන් 25ක උපරිම දෛනික කෙටුම් ධාරිතාවක් සහිත විය යුතුය. අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වේ.
  • උපරිම ණය මුදල: එක් පාර්ශ්වයකට රුපියල් මිලියන 25කි.
  • මුදල් නිදහස් කිරීම: 25%ක අත්තිකාරම් මුදලක් ලබාදෙන අතර, ඉතිරිය වාරික 3කින් නිදහස් කෙරේ.
  • ආපසු ගෙවීම: දින 240ක් ඇතුළත කිසිදු පොලියක් නොමැතිව පියවිය යුතුය. ප්‍රමාද වන මුදල් සඳහා 10%ක වාර්ෂික ප්‍රමාද ගාස්තුවක් අය කෙරේ.

4. ගොවීන් සඳහා වී අලෙවි කිරීමේ පියවර

1
කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර (ARPA) වෙතින් නිර්දේශ ලිපිය ලබාගැනීම (ඇමුණුම 02).
2
ස්වයං ප්‍රකාශනය සම්පූර්ණ කිරීම (ඇමුණුම 03).
3
ලියාපදිංචි වී මෝල් හිමියෙකුට හෝ සමුපකාර සමිතියකට වී අලෙවි කර වවුචර් පතක් ලබාගැනීම.
සටහන: මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ MOF/DFD/2026/01 දරන නිල චක්‍රලේඛය ඇසුරින් සකස් කරන ලදී.
Fuel Application QR
Providing Fuel for Industrial & Business Activities

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමයට අදාළ නිල අයදුම්පත පහතින් බාගත කරගන්න.

Download PDF Form Form 01 - Industrial/Business Activities

குடியுரிமை சாசனம்

Scroll To Top